Thursday 22 October 2020

මධූශ් මිය යා යුත්තේ මෙලෙසද නැතිනම් කෙලෙසද?


පහුගිය දවස් වල අපේ පොලිස් හමුදාව භාරයේ සිටි සැක කරුවෙක් වෙඩී වැදී මිය ගියේය.

දැන් මේ වෙන කොට මෙයට කතන්දර කෝටියක්ය.

සමහරු සැකකරු හෙවත් මධූෂයා මරපු එක හොඳයි කියති.

තවත් එවුන් කොටසක් මරපු එකට මැරෙන්න හදති.

තවත් කොටසක් මුඛ පූට්ටුවී මුකුත්ම නොකියා සිටිති.

මේ මුකුත්ම නොකියන අයගෙන් කොටසක් කට පියා ඉන්නේ අනුංගේ රෙද්දවල් වලට අපි ඇඟිලි ගහන්නේ මොකටද කියාය.

තවත් පිරිසක් කට වහං ඉන්නේ මධූෂයා වගේම කුඩු හොයන්නට යන්නට වෙයි කියන අස්ථාන හෝ ස්ථාන බය නිසාය.

තවත් එවුං ටිකක් කට පියං ඉන්නේ "අපි හම්බ කලොත් අපි කනවා!" කියාන මේ ආණ්ඩුවට චන්දෙ දී දෙකොණ පූට්ටු කරගත් එවුන්ය.


මේ සියල්ලටව වඩා සුපිරිම ඩයල් ටික ඉන්නේ මූනු පොතේ මේ ආන්ඩුවට ජොකා පිටින් කඩේ යන වාහෙලාය.

ඡන්දය යනු තේරීමය. එක එකාගේ තේරීම තම තමන්ගේ මොලේ තරමටය.

ලේ දුන්නාට, හදවත් බද්ධ, කිරීමට හැකිවූවාට මොලේ දෙන්නට බැරි නිසා ඕන එකෙකුට ඕනෑම බහිරවයෙකුට තම තමන්ගේ කැමැත්ත පල කලාට ඡන්දය දුන්නාට අපිට කමක් නැත.

එහෙත් ඡන්දය දුන්නු එකා නොහොත් චන්දයෙන් බලයට පත්වූ එකා කරණා කියනා හැම රෙද්දකටම ඥාව් ඥාව් ගාන විට මල පැනීම නම් නවතා ගැනීමතරමක අපහසු කරුණකි.

ලෝකයේ තියෙන නොම්මර එකේම් මරණ දඬුවම බැරිනම් උගේ අහවල් එකෙන් එල්ලා මැරුවද අපටනම් කම් නැත.

මධූෂයාහට යුක්තිය හෝ සාධරණය ඉෂ්ඨ කල යුතු යැයි අප කියන්නේ නැත. 

මන්ද ඕනෑම මිනී මරුවෙකු හෙට පාර්ලිමේන්තුවේ ලැග්ගවීමට තරම් හැකියාවක් මේ ආණ්ඩුවට සහ මේ රටේ බහුතරයට තීරණය කිරීමට හැකියාවක් ඇති නිසාය.


නමුත් අපි මැරෙන්න හදන්නේ ඌ සමග එකට දීග කෑ දෙශපාලුවන්ගේ නම් ලැයිස්තුව කී ගමන් කුණු ඇලක් අයිනේ මරා දැමුණු නිසාය.

මේ පිළිබඳව මොකෙක් හරි වචන හතරක් ලියපු සැනින් කෙලින් වන කුලී ලියන්නන් රැල මධූෂයා කල කී වැඩ ලැයිස්තුව, හෝම් වර්ක් පොත දිග ඇර; මේක හොඳද?, අරක හොඳද? කියා ලියපු එකාගෙ අසති. ඌ මරණ ලද මළ මිනී ටික ගොඩ අදිති! ඒ කිසිවක් සාධාරණීය කිරීම හෝ "අනේ ඉතිං ඒ නොදරුවාට සිද්ධවුනු සමාජ අසාධාරණය හිංදානේ!" කියා අමතක කර දමන්නේ නැත.

ඊළඟට කියන්නේ යහපාලනේ මෙච්චර කාලයක් ඌව නොමරපු එකය!  හරි බං හිටං හොඳ නැති නිසානේ ඔය  සෙල්ලං නැති පොරක්ව ගෙනත් තියෙන්නේ. අනික යහපාලනේ උන් මධූෂයාව තියං හුරතල් කල් එක අපි හරි කිව්වාද? ඒවා සියල්ල නොකල යුතුව තිබුනු දේවල්ය.

අපිට කියන්නට අත්තේ "යකො මධූෂ්ව ගෙදර එක්කගෙන ගිහින් පොල්ගාන හිරමනෙන් ගාගෙන කෑවත් අපිට කමක් නැත! ඒත් ඌ රෙදි ගැලවූ රටේ අනෙක් සුදු රෙදි හොරුන්ව උසාවියට ගෙන එන්නේ නැතිව මූව පැත්තකට එක්කගෙන ගිහින් මරපු එක වැරදියි !" කියන එක පමණි.


මෙහෙම කියලත් මේ ලියන අප්පුලාට නොතේරෙන්නේ මොන අහේතුවකට දැයි හිතා ගත නොහැක!


ගමක මිනිහෙක් සිටියේය! ඌ ගෑනි සමග උරණව "මගේ මේ අහවල් එක තියෙන හිංදානේ තෝ අර වැඩේ කොර ගන්නේ කියා; අහවල් එක හෙවත් කූට්ටම පිහියෙන් කපා දැම්මේය.  මේ ආන්ඩුව කලේත් ආන්න ඒ වර්ගයේ "බුද්ධිමත් වැඩකි!

කොටින්ම ගෑනිට පාඩමක් උගන්වන්න තමන්ගේ අවයවය කපා ගත් එකාවගේය.

එහෙත් ඒතරම් මේ සහෝදරයින් දෙතුන් දෙනා මෝඩ යැයි අපි මෙන්ම; තමන්ගේ බඩ සරි කරගන්නට කුලියට ලියන ලියන අප්පුලාද දනිති.

ඔය ගියේ මල් බයිසිකලේ පමණි. ගෙජ්ජි හඬ ලඟ ලඟම ඇසේ!