Monday 27 September 2021

දේශපාලන ව්‍යාපාරය

රට අයිති මහජනතාවටය කියා අමුතුවෙන් කියා දෙන්න වෙලා තියෙන්නෙ. මුං හිතාගෙන ඉන්නෙ රට අයිති රාජපස්සවරුන්ට, වික්‍රමසිංහලට, ජෙප්පන්ට ඒත් නැත්තං උං පස්සෙ යන අනික් මැටි ඇමටි මන්ත්‍රීවරුන්ට කියලා ය.

යකෝ මේ රට අයිති මේ රටේ ජනතාවටය. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් පළමුවෙම්ම ලියලා තියෙන්නේය.

එහෙම අයිති වෙච්ච මේ රට පාලනය කරන්නට මහජනතාවගේ නියෝජිතයන් හැටියට කොට්ටාසයක් කලින් කලට පත් කරන්නේ ය. උං ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව කියන තැන්වල ඉඳන් ඒ ඒ ආයතනවල ට නීතියෙන් පැවරිලා තියෙන සීමාව ඇතුලේ රට පාලනය කරනවය. ඒ කියන්නේ මේ රටේ අයිතිකාරයන්ට තියෙන පාලන බලය ක්‍රියාත්මක කරන්නේ මේ නියෝජිතයන් ය. එයිනුත් රටේ මහ එජන්ත හැටියට කියන්න පුළුවන් ජනාධිපතිත් මහජනතාවගේ මහ නියෝජිතයා ය.

මේ හැත්ත බුරුත්ත කරන්ඩ තියෙන්නේ, රට පාලනය කරන එකය. රටේ අයිතිකාර මහජනතාවට යහපතක් වෙන විදිහට රටේ පරිපාලනයත්, ආර්ථිකයත් හසුරුවා, රට දියුණු කරන එක මුං විසින් කළ යුතුය.

ඒ උනාට මුං නීති හදාගෙන තියෙන්නේ හොරකං කරන්ඩය, සූරාගෙන කන්ඩය, රටේ සම්පත් කොල්ලකාගෙන ධනපතියන් වෙන්ඩය.


මුං රටට මොකක් හරි කරන කොට, ඒක තමන්ගෙ ගජමිතුරන්ට කරන්ඩ දී කොමිස්, වෙන වෙන ලාභ ආදිය ලබා දෙමින් ජාවාරම් කරනවය. හොඳම උදාහරණේ රැපිඩ් ඇන්ටිජෙන් කිට් එකය. ඒක මේ රටට එනකොට ගාණ රුපියල් දාහකට අඩුය, ඒක ගෙන්නන්ඩ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන්නේ නැත. ඒක දුන්නේ දිලිත් ජයවීරට ය. ඌ ඒක ගෙනැවිත් මහජනතාවට විකුණන්නේ රුපියල් දෙදාහකටය. හෙණ ගහන්ඩ ඕනෑ අපරාධ මෙන්න මෙව්වය.

පොඩිතැන ඉඳන් හොරකං කරන්නේ මෙහෙමය: පොඩි පොඩි සංවර්ධන වැඩවලට, ප්‍රාදේශීය සභාවලට රුපියල් මිලියන කීපය බැගින් සල්ලි පාස් වෙනවාය. රටේ තියෙන ටෙන්ඩර් පටිපාටියේ හැටියට ඒ වැඩ කොන්ත්‍රාත් ඒ සභාවේ බල ප්‍රදේශයේ තියෙන සමිතියකට දෙන්ඩ පුළුවං ය. ඒ සමිති තියෙන්නේ නමටය. එව්වා තියෙන්නේ එක්කෝ සභාවේ මන්ත්‍රී කෙනෙක් යටතේ ය. නැත්තං එහෙම කෙනෙකුගේ ගජ මිතුරෙකු යටතේ ය. ඉතිං මහජනතාවගේ සුභසිද්ධියට කෙරෙන හැම සංවර්ධන වැඩකිම්ම සභාවේ ඉන්නා මහජන නියෝජිතයෝ ලාභ ලබනවාය.

දැන් දැන් යන්නේ මාර ජාවාරං ය. ඔන්න මොකක් හරි අත්‍යවශ්‍ය භාණ්ඩයක් හංගනවාය. ඊට පස්සේ රට ඇතුලේ මාර ඉල්ලුමක් ඒ බඩුවට නිකම්ම ඇති වෙනවා ය. ඊට පස්සේ පට්ට ගණං ඉස්සිල්ලක් කර, ඒ බඩුව රටට ගෙන්නන එකාට ලාභ ලබා දීලා දේශපාලකයා කොමිස් ගහනවා ය.

පලිගන්ඩ ආනයන, අපනයන තහනං කරන බඩු හංගගෙන ඉඳලා, හම්බුණාම විනාශ කරන අතර, ගජ මිතුරෙක් ගාව තිබිලා හම්බුණාම වැඩිමිළට සතොසට මිලට ගන්නවාය. නීතිය කාටත් එක ලු ය.

සතොසින් ගෙන්නා, සතොස ගබඩාවට ගේනා බඩු තොග, වැඩිමිලට වෙන තැනකට විකුණා, ඌටත් ලාබයක් ලබා දී ආපහු තවත් වැඩිමිලට සතොසට මිලට ගන්නා සූත්තරයක් ද ඇත්තේ ය.

මේ රටට හෙණ ගැහිලා තියෙන්නේ ඔය ජාවාරං කාරයෝ නිසා ම නොවේ.

එක පක්ෂයක් බලයට පත්වී ජාවාරං කරන කොට, විපක්ෂයක් කියා එකක් තියෙන්නේ දේවාල ගානේ පොල් ගහන්නට නොවේ. උන්ට තියෙන්නේ මේ හොරු රැළ පන්නා දමා බලයට පත්වී හොරුන්ට විරුද්ධව ඇක්ෂන් ගෙන, අයථා විදිහට හම්බු කරගත් දේ රාජ සන්තක කර සැබෑ මහජන නියෝජිතයන් විදිහට රට පාලනය කරන්ඩ පටන් ගන්න එකය.

පහුගිය යහපාලන රජය පත්වුනේ ඒ කාරණේ ඉෂ්ට කරන බව කියාගෙනය. එහෙම ඇවිත් මහ බැංකුව මංකොල්ල කාලා, පහුගිය රජයේ හිටපු උදවිය එක්ක ඩීල් දාගෙන, පහු කාලීනව, කලින් බලයෙන් පහ කරපු ජනාධිපති අගමැති බවට පත් කරගන්ඩ මගුලක් නැටුවා ය. 

අර රංජන් කියනවා වගේ “මුං ඔක්කොම එකයි මල්ලි“ ය.

ඊට පස්සේ ස‘ ආපුහාම විනය හදයි කියා හිතී, පහුගිය කාලේ කොරපු කෙළි අමතක වී, උඩදාගෙන ස‘ට තුනෙන් දෙක ගළවලා දුන්නේ ය.

මේ පේන විදිහට රටේ පාලකයන් වැරදි ය. දේශපාලකයෝ හැම එකෙක් ම ආණ්ඩු කරන්ඩ කියා ඇවිදින් කරන්නේ බිස්නස් එකක් ය.

වැරදි කරන උන් වැරදි යි වගේ ම, උන්ට වැරදි කරන්නට ඉඩ දී බලාගෙන ඉන්න උං ඊටත් වඩා වැරදි කාරයෝ ය.

එහෙම බැලුවම මූළික ම වැරදි කාරයෝ වෙන්නේ ඡන්දෙ දෙන බහුතරයක් බත් කරන හරකුන් ය. මේ කියන්නේ උන්ට ය...

යකෝ මහජන නියෝජිතයෝ කියන්නේ රජවරු නෙවෙයි ය. උන් පත් කර තියෙන්නේ තොපිට ඕනෑ හැටියට, තොපිට මිනිස්සු වගේ ජීවත් වෙන්නට පුළුවන් විදිහේ රටක් හදන්ටය. නැතුව උන්ට රජ සැප විඳන්ඩත්, තොපිට හිඟා නොකා හිඟා කන්ටත් නෙවෙයි ය.

කඩේකට බඩුවක් ගන්ට ගියොත් හාල් නැත, සීනි නැත, ගෑස් නැත, කිරිපිටි ලොවෙත් නැත, කහ කියා දෙයක් මතකත් නැත. ඔහොම ලෙවකන ආර්ථිකයක් හදන්නට නං මේ වගේ මහජන නියෝජිතයෝ ඕන් නැත.

මතක තියාගනිව්. මේ රටේ පාලනය කරන නීති හදන්නෙත් ඔය කියනා ජාවාරං කාර මහජන නියෝජිතයෝ ය. ඒ මහජන නියෝජිතයෝ නීති හදන්නට උවමනා, උන්ට ජාවාරං කරනග්ඩ ලේසි වෙන්ඩ නෙවෙයි, රට හොඳට පාලනය කරන්ඩ ය. උන් ට රජ සැප විඳින්ඩ ටිකට් එකක් දීලා අල්ල ලෙවකන ජඩ මහජනතාව දැනගන්ඩ උවමනා දේ වෙන්නේ, මේ පාහර හොරු රැළ අතරිං ඡන්දෙ දෙන්නේ මොකාටද කියන එක තෝරා ගන්නේ කොහොම ද කියන එක ය. 

එහෙමත් දෙන්ඩ එකෙක් නැත්තං... දේශපාලකයෝ මේ රටේ ඔන්නං පණස් දාහක් විතර ඇති. ඒත් දෙකෝටිය ඊට වඩා ලොකුය. එකා වගේ පාරට බැහැලා මේ හොර හැත්ත එළවා දාලා, හරි හමං පාලනයක් ඇති කර නොගත්තොත්, හෙට උපදින එකාට ජීවත් වෙන්ඩ රටක් ඉතුරු වෙන්නේ නැත.

එකාතකට, මහජන නියෝජිතයෝ කියන්නේ මහජනතාවගේ නියෝජිතයෝ ය. රටේ බහුතරයක් ඉන්නේ ඔය වගේ ම හොරාකන්නට, වංගු ගහන්නට ආසා ඇති උන් වූ කළ, උන් පත් කරන නියෝජිතයෝ ගැන ආයෙ අමුතුවෙන් අහන්නට දෙයක් ද නැත.

ඒ උනාට ජාවාරං කාර පාලනයකින් වෙන අහිතකර දේ බලපාන්නේ තොපටත් වඩා, තොපේ දරු මුණුපුරන්ට බව අමුතුවෙන් මතක් කරන්නට සිද්ධ වෙලා ඇත. හැම එකාටම තමන්ගේ දරුවා දියුණූ රටක පදිංචියට යවන්නට බැරි ය. ඒක නිසා තමං දිහා බලා වෙනස් වීමට සිද්ධ වී තියෙන්නේ ය.

7 comments:

  1. මේ ගැන මගෙ බ්ලොග් පෙස්ට් එකේ වරක් කථා කොට ඇත්තේය. ඇත්තෙන්ම මෙහිදී වඩාත් විශාල කාර්‍ය භාරයක් පැවරෙන්නේ විපක්ෂයට හා ඡන්ද දායකයින් හටය. පොදුවේ සුළුතරයක් එහෙයියය්න් හිටියාට බහුතරයක් නිදහස් මත ධාරීන් විය යුතුය. එහෙත් කරුමෙක මහත! මේ රටේ අතිශය බහුතරය අබිං කෑවා සේ එක් පවුලක් එක් පක්ෂයක් එක් පාටක් වන්දනා මාන කරති! මේ 21 වන ශත වර්ෂ්යේදී පවා!

    ReplyDelete
    Replies
    1. තව එකක් තමා, සමාජ මාධ්‍ය භාවිත කරලා, මහජන මතය සකස් කිරීම... රාජ්‍ය පාලනය කියන්නේ බොහොම සංකීර්ණ ගේම් එකක්.

      Delete
    2. ඔක්කෝටම හපන්, අර, “මුං අයින් කරලා වෙන කාටද ඡන්දෙ දෙන්නෙ“ කියන අමනයො ටික

      Delete
  2. Anika ganayo set eka un tama rata kawe

    ReplyDelete
    Replies
    1. රන්සකු දැක්කෙ කාලෙකින්...

      ගණ ගෙඩියො ගැන වෙනම කතා කරන්න තරම තියෙනවා

      Delete
  3. ඔව්ව කියල දෙන්ඩ යන කට හොඳයි මම්මලේ අන්නාර උතුවන්කන්දෙ තියෙන ගලක උලාගං

    ReplyDelete
    Replies
    1. වතුර ගලන්ඩ ගලන්ඩ, ගළක් වුණත් ගෙවෙනවා නේ...

      Delete