Saturday 25 September 2021



උඹලට උනේ අර ගලේ පහරපු බලල් තඩියට වෙච්ච දේ කියලා මං නොකියන්නේ අහක ඉන්න තිරිසනෙකුට අපහාස කරණ්නට අකමැති හින්දා!

යකෝ උඹළා ඒ කියන්නේ මේ ආණ්ඩුව වැටෙන කල් බලාන ඉන්න එළුව පස්සෙ යන නරි වගේ ඉන්න විපස්සෙ බූරුවන්ට මේ කියන්නේ! 

තොපි ටොයියො උනත් එකයි!

සජබෙ උනත් එකයි! 

ජෙප්පො උනත් එකයි!! 

යකෝ මේ රටේ ඉන්නේ කෝටි කීයක්ද චන්ද දායකයො සැට් එකනේ මහින්දව දිනෙව්වෙත්, ඌව පැරැද්දුවෙත්, මයිත්‍රී දිනෙව්වෙත්, උගේ පුකට පයිං ගහලා එලෙව්වෙත්. ආයෙ ඉන්දියාවෙන් වත් චීනෙන් වත් ඇවිත් චන්දෙ දුන්නෑ නෑනෙ.

අලුත් චන්ද කියලා එකතු උනු එවායින් පමනක් ආන්ඩුවක් පෙරලන්නවත් තවත් එකක් පිහිටුවන්නවත් පුලුවන්ද? මතක තියා ගනිල්ලා කාගිලිස් සාප්පුවට ගිහින්සල්ලි ගෙවන්න පෝලිමේ ඉන්න කොට අර පෝලිම අඩුවෙන කොට මේ පෝලිමේ උන්නු වාහෙලා බඩු මලු උස්සගෙන ඒ පෝලිමට යන්නත් ආයෙ මේ පෝලිමේ වැඩ ඉක්මනට යනකොට ආයේ මේකට අර බඩුමලු උස්සන් එන්නත් පෙලබෙන එවුන් වගේම එකම බූරුවො ටිකක් තමයි එක පාරකට ඒ පක්සෙටයි අනික් පාර අනික් පස්සෙටයි චන්දෙ දෙන්නෙ රෙද්ද උස්සන් ගිහින්! 

දැන් හිතපල්ලා මයිත්‍රී ටයි රනිල්ටයි මිනිස්සු චන්දෙ දුන්නේ ආයෙ උන්ගේ ඇට කන්නද? උන් ඇවිත් මහින්දගෙයි උන්ගේ සහචරයන්ගෙයි හොරකන් අල්ලලා උන්ගෙ වෘෂණ කෝෂ පුසි කරලා, නාහෙට ලනුව දාලා ගහේ බදී කියලයි. උන් ඒ ටික කලාද? මයිත්‍රිටයි රනිලටයි තිබුනේ තමාව ගැට ගහලා තිබ්බ කනුව වටේ දුවන්නයි මහින්දගෙන් තමන් ගෙ කූට්ටම් බේර ගන්න. මහින්දයායි උගේ අනුචර සහචරයින් තල තෙල් බෝතලෙයි කිතුල් පොලු දෙකයි අරගෙන මුන් දෙන්නගෙ කර අඹන්න එනකොට උන්ව බේර අගන්න චන්දෙ දුන්නු එවුන්ටවත් බැරි උනා. එත කොට මේ සෙවල බන්ඩලාගෙන් රට ආපිට අරගෙන ගෝටට දෙන්නෙත් අර ජහමනයාම තමයි. ආයෙ වෙන රටකින් ආවයෑ!? 

ඉතිං යකෝ තේරුං ගනිල්ලා එහෙම එහාට මෙහාට පැන පැන ඉන්න එවුන්ගෙ රෙදි; ගෝටම ගලවලා දැන් උන්ට කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නේ කියලා. දැන් උඹලට තියෙන්නේ යාපනේට ගිහින් හතර පස් දෙනෙක් එක් කරගෙන පිකට් එකක් කරන්නයි තවත් පස්සෙක දහයක් මාතරට ගිහින් ස්ට්‍රැයික් එකක් කරන්නයි ඉතිරි විපස්ස පස්සෙ එවුන් ටික අම්පාරට ගිහින් එතන නොමැරෙන උප වාසෙකුයි ජෙප්පො ටික කොලබ ලිප්ටන් වට රවුමෙ කෑගහන එකයි පෙරෙට්ටො තව මගුලකුයි කරන එක කියලා හිතනවා නම් උබලාට ඩීල් කාරයෝ කියනවාට වඩා කියන්නට වෙන දෙයක් තියේ නම් තොපිම කියාපියව්! 

තොපි විපස්සෙ හැම එකාම මහින්ද එක්ක ඩීල් දාලා කියන එකයි මටනම් හිතෙන්නේ උඹලගෙ හැසිරීම දැක්කාම! තොපි යූ ඇණ් පී උනත් ජෙප්පො උනත් හම්බයො උනත් දෙමලු උනත් ටැලිපෝන් කාරයෝ උනත් එකට එකතු වෙන්න බැරිද පොදු අරමුණක් වෙනුවෙන්! තොපි ජීවිතේට අර බුදුහාමුදුරුවන්ගේ වටු ඉස්ටෝරිය අහලා නැද්ද? එකට සෙට් උනේ නැත්නම් ඉක්මනට පුකට තියා ගන්න පොල් ලෙල්ලි ටිකක් හොයා ගනිල්ලා ගෝටා අරින කොට ගැට්ට බේරා ගන්න! 

මේ තරන් රටට කෙලලා තියෙද්දි වත් තොපිට බැරිද එක ඉලක්කයක් වෙනුවෙන්; එක පොදු සතුරෙක් වෙනුවෙන් එකට එකතුව ගේමට බහින්න! 

යකෝ ඒකාලෙ මාව අල්ලන්න ආවේ කෑගල්ලේ පොලීසියෙ එවුං විතරක් නෙවෙයි. රටේම හිටිය එවුන් ටික! උන් අතරෙ තිබ්බ තරහ මරහ පැත්තක තියලා මාව එල්ලුම් ගහට ගෙනියන්න එකතු උනා. 

 තොපි වගේ ලැජ්ජාවක් නැති නපුන්සක හැත්තක්! දැන් බලා පල්ලා කෙරවල පිටියද කරවල පිටියද වික්ක කියලා මැරෙන්න හදනවා. විපස්සෙ තොපි එකට එකතු වෙලා, තොපේ වුර්තීය සමිති එකතු කරලා පැයක් ලන්කාවෙම ලයිට් නිව්වද අඩු ගානේ!? හොදම දේ කුරුනෑගල පැත්තට ගිහින් පොල් ලෙලි ටික හොයා ගෙන ජොකාට යට කරලා තියා ගනිල්ලා. මේ ආන්ඩුව තොපිව අපයෝජනය කරලයි පස්ස බලන්නේ. 

තොපි දන්නේ රනිල්ට පොන්නයා කියන්නයි; සජියට ගොන්පුතා කියන්නයි; අනුරගේ ලපයයි පුන්චි අම්මගෙ කිරිජ්ජ පල්ල අතගාන්න විතරයි. 

අඩු ගානෙ තොපි එකතුවෙලා එක පැත්තට හූ කියන්න වත් පටන් ගනිල්ලා ගොන් හැත්ත! 

යකෝ උඹළා ඒ කියන්නේ මේ ආණ්ඩුව වැටෙන කල් බලාන ඉන්න එළුව පස්සෙ යන නරි වගේ ඉන්න විපස්සෙ බූරුවන්ට මේ කියන්නේ!

7 comments:

  1. හ්ම්...සංකීර්ණ ප්‍රශ්ණයක්

    ReplyDelete
  2. සජබේ කට්ටියනම් ඩිල දාල කියල පේනවා. මම නම් කියන්නේ ඒ සෙට් එක ඇතුලට යවන්න කෑ ගහන්න ඕනේ. එතකොට තමයි ඊළඟට එන සෙට් එක ඩිල් නොදමන්නේ

    ReplyDelete
    Replies
    1. මට පේන්න තියෙන්නෙ "දේශපාලන ව්‍යාපාරයක්" තියෙන්නෙ. දේශපාලනේ ට ඇවිත් කවුන්සිලේට යන හැම එකා ම කරන්නෙ ව්‍යාපාරයක් මිසක් දේශය පාලනය කිරීම නෙමෙයි. ඉතිං ඔවුං ඔක්කොම, එකාට එකා ඩීල් දාගන්නව.

      මං දන්නෑ සර්දියෙල් අයිය මොනව හිතාගෙන ඉන්නව ද කියල. මට පේන හැටි ඔය කිව්වෙ.

      Delete
  3. උපන් ගතිය වාගෙයි හොරකම උන්ට
    ජනයා ඉපදිලා ඉන්නේ රැවටෙන්ට
    රටක ඉන්න පුරවැසියෝ නම් නිවට
    උන්ට ලැබෙයි පාලකයොත් ගැලපෙන්ට

    ReplyDelete
    Replies
    1. ඕං ඔය කවියත් අදාළ කරගෙන අලුත් එකක් ලිව්වා

      Delete
  4. අම්මට සිරි මේ මොකාද බං මේ අන්තර්ජාලයේ හතර කොන පැලෙන්න කෑගහන එකා!~ අම්මපා කිව්වත් වගේ ඇයි බං මුං එකතුවෙලා පිකට්ං තියා කිරි ටිං එකක් වත් නොකලේ!? තව ටිකක් කෙළවෙන කල බලාන ඉන්නවා වත්ද?

    ReplyDelete