Wednesday 14 November 2018

මහින්ද සහ කිරිබත්ගොඩ චන්ඩියා!



1994 වගෙයි මතක. ඔය කාලේ  මතකද මැතිවරණයක් තිබ්බා. මටත් හරියට නිච්චිනෑ. ඒකෙන් මහින්ද එකතැන පරාද උනා කියලයි කියන්නේ. නමුත් රනිල් දුන්නු සපෝට් එකෙන් තමයි පොර ගොඩ ගියේ!
බොරුනම් දන්න එකෙක් ගෙන් අහලා ලියන්නට යටින් හරියට ඉඩ ඇත! ඒ හිතවත් කම මහින්දටත් මතක තිබිය යුතුය.. නැතිනම් රනිල්ට අවුරුදු ගනනාවක් විපක්ෂ නායක කමේ තබා ගමේ පන්සලේ දායක සභාවේවත් ඉන්නට බැරි බව මට සිතේ.
රනිල්ගොඩ ගියේ මෛත්‍රී නිසා යැයි මට හිතේ!  මෛත්‍රී ගොඩ ගියේ රනිල් නැතිනම් කවුරුණ් නිසාද? කාලෙකට ඉස්සෙල්ලා දෝස්ති කියා බයිස්කෝප් එකක් කොළඹ දිව්වේය! ඒකෙ යාළුවෝ දෙන්නා වූයේ කනෙකු හා කොරෙකුය. දෝස්ති මොඩලයේ ආණ්ඩුව පටන් ගත්තු දා සිට මහින්ද පිස්සු අල්ලන්සේ බුරා පනින්නට විය.
මහින්දගේ බුද්ධිය පිළිබඳව  මා හට ඇත්තේ අතිශය කණගාටුවකි. නො එසේ නම් රනිල් ගේ ආණ්ඩුව ඇන ගන්නා හැටි ඉවසිල්ලෙන් බලා හිටියානම් ; එළුවා පසුපස ගිය නරියාට වාගේ අවුරුදු ගනනක් ආත්ම ගනනක් බලා ඉන්නට සිදුවෙන්නේ නැත! රනිල් හා මෛත්‍රී පටන් ගත්තු ගමන් අනාපාන සති කරගත්තු හැටියට එයට ස්වභාවික මරණයක් බොහෝ නුදුරේම සිදුවීමට නියමිතව තිබුනි. ඒත් මහින්දත් වටා සිටි ගොන් කලටි ටිකටත් එය බලා සිටින්නට බැරිවිය. ඒක හරියට තාත්තා ; ප්‍රාණ භුක්තිය තියා මහ ගේ ලිව්වාට පසු මරෙණතුරු ඉන්න බැරිව බෙල්ල මිරිකන්නට යනවා වාගේය.
මෛත්‍රී හිටියේ රනිල් ගේ බළල් අතින් මහින්ද කොස් ඇට ටික ගින්නේ පුච්චා ගන්නටය. මහින්දත් රනිලුත් එකම ගේමක දෙපැත්තක්ද?
2020 ට මහින්ද වෙලාවකට තමනුත්  තවත් ටිකකින් ගෝඨාවත්  දමන සීන් එකක් පෙන්නමින් සිටින අතර මෛත්‍රී ද සිටියේ 2020 ජනාධිපති කම හීනෙන් දකිමින්ය.හීන දැකීම හා හීනෙන් යෑම එකක් නොව දෙකකි. හීන දැකීම ඇඳේදී සිදුවන අතර තුර හීනෙන් යන්නේ ගේ පුරාය. තෙත ගෝනියක් ඇඳ ගාව දාන්නේ මේ  ඇවිදීම නවතා ලීමටය. මෛත්‍රී හීන දකිමින් පමනක් නොව හීනෙන් ඇවිදිමින්ද විය. ඇවිදිනා අතර තුර තමාගේ පය ගැටී කුස්සියේ බත් මුට්ටිය පෙරලීමෙන් වැඩේ එලිවිය!
රනිල් එකෙන්ම වැඩේට  එළුවෙකු සේ  "බෑ!" කීවේය. තවත් වරක් තමන්ගේ චෑන්ස් එක කොහෙවත් නැති  එකෙකුට පූජා කරණ්නට රනිල් මෝඩ නොවීය.
මෛත්‍රීගේ බළලා මල්ලෙන් එළියට පනිනු දුටු මහින්දගේ මිතුරු තොමෝ කලේ මීයාව එලියට දැමීමය.
සහ සුද්දෙන්ම මහින්දව අග මැති කිරීම පැය 24 න් සිදුවිය.

මෙය කියවන ඔබ තුමන්ලා මොන ලෙසකින් කීවත් මම මෙවැනි කොල්ල කෑම් සිදුකොට නොමැත. තැපැල් ගෙනගිය අස්ප කරත්තයක් මංකොල්ලා කෑවාට මම මිනිසුන්ගේ ඡන්ද අයිතිය පරමාධිපත්යය හොරා කෑවේ නැත!

යහ පාලනේ කොරණ්නට ආ මෛත්‍රී සුපිරියටම එය කෑවේය. ඒ හැංගි හොරා නොව මුළු මහත් ජාත්යන්තරයක් බලා සිටියදීය.
මෛත්‍රීව තවත් වරක් ජනාධිපති කරවීමට මහින්දගේ අකමැත්තෙන් වූ කැමැත්ත මත මහින්ද-මෛත්‍රී දීගය ඇරඹුනි.
ඇමති මණ්ඩලයක් පත් කෙරුණි. මේවා සියල්ල සඳහා වියදම් කලේ මේ දෙතුන් දෙනාගේ අම්මා - අපාගේ බූදලයෙන් නිසා අවුලක් නැත. ජනාධිපතිට හා අගමැතිට  කඹුරා ගැසූ පෝස්ටර් වල පාප්ප වේලෙන්නටත් පෙර ආණ්ඩුව විසුරුවා හැරියේය!

මහින්දට ගෙදර යන්නට වූයේ නාමල් ලා බැසිල්ලා නිසා වග මා පමනක් නොව තංගම්මා පවා දනී.

ඒත් මහින්ද වටේ සිටිනා කේවට්ටයින් තවම පෝස්ටර් ගහන්නේ බැසිල්ගේ "මං කන්නං!"ලෑතර  මුහුන පසෙකට පිහිටුවාය.
අද වන විට වැඩේ තවත් අංජබජල් වී ඇත. මොනවා කිව්වත් රනිල්ට බහුතර බලය හිමිවී ඇත. එයට සපෝට් එක දුන්නු හැමෝම ගැන පොඩි ආතල් එකක් තියෙනවාය. ඒ සරම උස්සන් එන ගමටම ගේම දෙන්න එන චන්ඩියාගේ අහවල් එකට බල්ලෙක් පැනීම දුටු විට ලැබෙන කාල කණ්නි ආතල් එකය.

මහින්දටත් රනිල්ටත් මෛත්‍රීටත් කියන්නට ඇත්තේ ඔබ තුමන්ලා සියල්ලම මේ රට කන්න උපන් පූරුවේ වෛරක්කාරයන්ය කියාය.

මහින්දට සිදු වූයේ කිරිබත් ගොඩ චන්ඩියාට සිදුවූ දේ දැයි මට හිතේ. වරදවා ගන්න එපා! කිරිබත්ගොඩ චන්ඩියා කීවේ මීගොන් සිල්වාට නොවේ.ඔබ තුමන්ලා දන්නේ නැත්නම්  ඒ කතාවත් මෙහෙමම දැන ගනු මැන.

කිරිබත්ගොඩ චන්ඩියා හැම විටම ඉනේ දැලි පිහියක් සේ මුවාත තියපු පිහියක් ගසා ගෙන සිටියේය. දිනක් පොඩි කොල්ලෙක් දැමූ කිණ්ඩියකට උරණව චන්ඩියා වේගෙන් පිහිය එළියට ඇද්දේය. මොහොතකින් චන්ඩියාට තමා පාවී යන අයුරක් දැනුනි. බලාන ගියාම පිහිය ඇද්ද ඇදිල්ලට චන්ඩියාගෙ කූට්ටම බිමය!

මම සර්දියෙල්! නුඹලා තරම් කුජීත නැත!

1 comment: