Thursday, 22 October 2020

මධූශ් මිය යා යුත්තේ මෙලෙසද නැතිනම් කෙලෙසද?


පහුගිය දවස් වල අපේ පොලිස් හමුදාව භාරයේ සිටි සැක කරුවෙක් වෙඩී වැදී මිය ගියේය.

දැන් මේ වෙන කොට මෙයට කතන්දර කෝටියක්ය.

සමහරු සැකකරු හෙවත් මධූෂයා මරපු එක හොඳයි කියති.

තවත් එවුන් කොටසක් මරපු එකට මැරෙන්න හදති.

තවත් කොටසක් මුඛ පූට්ටුවී මුකුත්ම නොකියා සිටිති.

මේ මුකුත්ම නොකියන අයගෙන් කොටසක් කට පියා ඉන්නේ අනුංගේ රෙද්දවල් වලට අපි ඇඟිලි ගහන්නේ මොකටද කියාය.

තවත් පිරිසක් කට වහං ඉන්නේ මධූෂයා වගේම කුඩු හොයන්නට යන්නට වෙයි කියන අස්ථාන හෝ ස්ථාන බය නිසාය.

තවත් එවුං ටිකක් කට පියං ඉන්නේ "අපි හම්බ කලොත් අපි කනවා!" කියාන මේ ආණ්ඩුවට චන්දෙ දී දෙකොණ පූට්ටු කරගත් එවුන්ය.


මේ සියල්ලටව වඩා සුපිරිම ඩයල් ටික ඉන්නේ මූනු පොතේ මේ ආන්ඩුවට ජොකා පිටින් කඩේ යන වාහෙලාය.

ඡන්දය යනු තේරීමය.එක එකාගේ තේරීම තම තමන්ගේ මොලේ තරමටය.

ලේ දුන්නාට, හදවත් බද්ධ, කිරීමට හැකිවූවාට මොලේ දෙන්නට බැරි නිසා ඕන එකෙකුට ඕනෑම බහිරවයෙකුට තම තමන්ගේ කැමැත්ත පල කලාට ඡන්දය දුන්නාට අපිට කමක් නැත.

එහෙත් ඡන්දය දුන්නු එකා නොහොත් චන්දයෙන් බලයට පත්වූ එකා කරණා කියනා හැම රෙද්දකටම ඥාව් ඥාව් ගාන විට මල පැනීම නම් නවතා ගැනීමතරමක අපහසු කරුණකි.


ලෝකයේ තියෙන නොම්මර එකේම් මරණ දඬුවම බැරිනම් උගේ අහවල් එකෙන් එල්ලා මැරුවද අපටනම් කම් නැත.

මධූෂයාහට යුක්තිය හෝ සාධරණය ඉෂ්ඨ කල යුතු යැයි අප කියන්නේ නැත. 

මන්ද ඕනෑම මිනී මරුවෙකු හෙට පාර්ලිමේන්තුවේ ලැග්ගවීමට තරම් හැකියාවක් මේ ආණ්ඩුවට සහ මේ රටේ භහුතරයට තීරණය කිරීමට හැකියාවක් ඇති නිසාය.


නමුත් අපි මැරෙන්න හදන්නේ ඌ සමග එකට දීග කෑ දෙශපාලුවන්ගේ නම් ලැයිස්තුව කී ගමන් කුණු ඇලක් අයිනේ මරා දැමුණු නිසාය.

මේ පිළිබඳව මොකෙක් හරි වචන හතරක් ලියපු සැනින් කෙලින් වන කුලී ලියන්නන් රැල මධූෂයා කල කී වැඩ ලැයිස්තුව, හෝම් වර්ක් පොත දිග ඇර; මේක හොඳද?, අරක හොඳද? කියා ලියපු එකාගෙ අසති. ඌ මරණ ලද මළ මිනී ටික ගොඩ අදිති! ඒ කිසිවක් සාධාරණීය කිරීම හෝ "අනේ ඉතිං ඒ නොදරුවාට සිද්ධවුනු සමාජ අසාධාරණය හිංදානේ!" කියා අමතක කර දමන්නේ නැත.

ඊළඟට කියන්නේ යහපාලනේ මෙච්චර කාලයක් ඌව නොමරපු එකය!  හරි බං හිටං හොඳ නැති නිසානේ ඔය  සෙල්ලං නැති පොරක්ව ගෙනත් තියෙන්නේ. අනික යහපාලනේ උන් මධූෂයාව තියං හුරතල් කල් එක අපි හරි කිව්වාද? ඒවා සියල්ල නොකල යුතුව තිබුනු දේවල්ය.

අපිට කියන්නට අත්තේ "යකො මධූෂ්ව ගෙදර එක්කගෙන ගිහින් පොල්ගාන හිරමනෙන් ගාගෙන කෑවත් අපිට කමක් නැත! ඒත් ඌ රෙදි ගැලවූ රටේ අනෙක් සුදු රෙදි හොරුන්ව උසාවියට ගෙන එන්නේ නැතිව මූව පැත්තකට එක්කගෙන ගිහින් මරපු එක වැරදියි !" කියන එක පමණි.


මෙහෙම කියලත් මේ ලියන අප්පුලාට නොතේරෙන්නේ මොන අහේතුවකට දැයි හිතා ගත නොහැක!


ගමක මිනිහෙක් සිටියේය! ඌ ගෑනි සමග උරණව "මගේ මේ අහවල් එක තියෙන හිංදානේ තෝ අර වැඩේ කොර ගන්නේ කියා; අහවල් එක හෙවත් කූට්ටම පිහියෙන් කපා දැම්මේය.  මේ ආන්ඩුව කලේත් ආන්න ඒ වර්ගයේ "බුද්ධිමත් වැඩකි!

කොටින්ම ගෑනිට පාඩමක් උගන්වන්න තමන්ගේ අවයවය කපා ගත් එකාවගේය.

එහෙත් ඒතරම් මේ සහෝදරයින් දෙතුන් දෙනා මෝඩ යැයි අපි මෙන්ම; තමන්ගේ බඩ සරි කරගන්නට කුලියට ලියන ලියන අප්පුලාද දනිති.

ඔය ගියේ මල් බයිසිකලේ පමණි. ගෙජ්ජි හඬ ලඟ ලඟම ඇසේ!

Wednesday, 14 November 2018

මහින්ද සහ කිරිබත්ගොඩ චන්ඩියා!



1994 වගෙයි මතක. ඔය කාලේ  මතකද මැතිවරණයක් තිබ්බා. මටත් හරියට නිච්චිනෑ. ඒකෙන් මහින්ද එකතැන පරාද උනා කියලයි කියන්නේ. නමුත් රනිල් දුන්නු සපෝට් එකෙන් තමයි පොර ගොඩ ගියේ!
බොරුනම් දන්න එකෙක් ගෙන් අහලා ලියන්නට යටින් හරියට ඉඩ ඇත! ඒ හිතවත් කම මහින්දටත් මතක තිබිය යුතුය.. නැතිනම් රනිල්ට අවුරුදු ගනනාවක් විපක්ෂ නායක කමේ තබා ගමේ පන්සලේ දායක සභාවේවත් ඉන්නට බැරි බව මට සිතේ.
රනිල්ගොඩ ගියේ මෛත්‍රී නිසා යැයි මට හිතේ!  මෛත්‍රී ගොඩ ගියේ රනිල් නැතිනම් කවුරුණ් නිසාද? කාලෙකට ඉස්සෙල්ලා දෝස්ති කියා බයිස්කෝප් එකක් කොළඹ දිව්වේය! ඒකෙ යාළුවෝ දෙන්නා වූයේ කනෙකු හා කොරෙකුය. දෝස්ති මොඩලයේ ආණ්ඩුව පටන් ගත්තු දා සිට මහින්ද පිස්සු අල්ලන්සේ බුරා පනින්නට විය.
මහින්දගේ බුද්ධිය පිළිබඳව  මා හට ඇත්තේ අතිශය කණගාටුවකි. නො එසේ නම් රනිල් ගේ ආණ්ඩුව ඇන ගන්නා හැටි ඉවසිල්ලෙන් බලා හිටියානම් ; එළුවා පසුපස ගිය නරියාට වාගේ අවුරුදු ගනනක් ආත්ම ගනනක් බලා ඉන්නට සිදුවෙන්නේ නැත! රනිල් හා මෛත්‍රී පටන් ගත්තු ගමන් අනාපාන සති කරගත්තු හැටියට එයට ස්වභාවික මරණයක් බොහෝ නුදුරේම සිදුවීමට නියමිතව තිබුනි. ඒත් මහින්දත් වටා සිටි ගොන් කලටි ටිකටත් එය බලා සිටින්නට බැරිවිය. ඒක හරියට තාත්තා ; ප්‍රාණ භුක්තිය තියා මහ ගේ ලිව්වාට පසු මරෙණතුරු ඉන්න බැරිව බෙල්ල මිරිකන්නට යනවා වාගේය.
මෛත්‍රී හිටියේ රනිල් ගේ බළල් අතින් මහින්ද කොස් ඇට ටික ගින්නේ පුච්චා ගන්නටය. මහින්දත් රනිලුත් එකම ගේමක දෙපැත්තක්ද?
2020 ට මහින්ද වෙලාවකට තමනුත්  තවත් ටිකකින් ගෝඨාවත්  දමන සීන් එකක් පෙන්නමින් සිටින අතර මෛත්‍රී ද සිටියේ 2020 ජනාධිපති කම හීනෙන් දකිමින්ය.හීන දැකීම හා හීනෙන් යෑම එකක් නොව දෙකකි. හීන දැකීම ඇඳේදී සිදුවන අතර තුර හීනෙන් යන්නේ ගේ පුරාය. තෙත ගෝනියක් ඇඳ ගාව දාන්නේ මේ  ඇවිදීම නවතා ලීමටය. මෛත්‍රී හීන දකිමින් පමනක් නොව හීනෙන් ඇවිදිමින්ද විය. ඇවිදිනා අතර තුර තමාගේ පය ගැටී කුස්සියේ බත් මුට්ටිය පෙරලීමෙන් වැඩේ එලිවිය!
රනිල් එකෙන්ම වැඩේට  එළුවෙකු සේ  "බෑ!" කීවේය. තවත් වරක් තමන්ගේ චෑන්ස් එක කොහෙවත් නැති  එකෙකුට පූජා කරණ්නට රනිල් මෝඩ නොවීය.
මෛත්‍රීගේ බළලා මල්ලෙන් එළියට පනිනු දුටු මහින්දගේ මිතුරු තොමෝ කලේ මීයාව එලියට දැමීමය.
සහ සුද්දෙන්ම මහින්දව අග මැති කිරීම පැය 24 න් සිදුවිය.

මෙය කියවන ඔබ තුමන්ලා මොන ලෙසකින් කීවත් මම මෙවැනි කොල්ල කෑම් සිදුකොට නොමැත. තැපැල් ගෙනගිය අස්ප කරත්තයක් මංකොල්ලා කෑවාට මම මිනිසුන්ගේ ඡන්ද අයිතිය පරමාධිපත්යය හොරා කෑවේ නැත!

යහ පාලනේ කොරණ්නට ආ මෛත්‍රී සුපිරියටම එය කෑවේය. ඒ හැංගි හොරා නොව මුළු මහත් ජාත්යන්තරයක් බලා සිටියදීය.
මෛත්‍රීව තවත් වරක් ජනාධිපති කරවීමට මහින්දගේ අකමැත්තෙන් වූ කැමැත්ත මත මහින්ද-මෛත්‍රී දීගය ඇරඹුනි.
ඇමති මණ්ඩලයක් පත් කෙරුණි. මේවා සියල්ල සඳහා වියදම් කලේ මේ දෙතුන් දෙනාගේ අම්මා - අපාගේ බූදලයෙන් නිසා අවුලක් නැත. ජනාධිපතිට හා අගමැතිට  කඹුරා ගැසූ පෝස්ටර් වල පාප්ප වේලෙන්නටත් පෙර ආණ්ඩුව විසුරුවා හැරියේය!

මහින්දට ගෙදර යන්නට වූයේ නාමල් ලා බැසිල්ලා නිසා වග මා පමනක් නොව තංගම්මා පවා දනී.

ඒත් මහින්ද වටේ සිටිනා කේවට්ටයින් තවම පෝස්ටර් ගහන්නේ බැසිල්ගේ "මං කන්නං!"ලෑතර  මුහුන පසෙකට පිහිටුවාය.
අද වන විට වැඩේ තවත් අංජබජල් වී ඇත. මොනවා කිව්වත් රනිල්ට බහුතර බලය හිමිවී ඇත. එයට සපෝට් එක දුන්නු හැමෝම ගැන පොඩි ආතල් එකක් තියෙනවාය. ඒ සරම උස්සන් එන ගමටම ගේම දෙන්න එන චන්ඩියාගේ අහවල් එකට බල්ලෙක් පැනීම දුටු විට ලැබෙන කාල කණ්නි ආතල් එකය.

මහින්දටත් රනිල්ටත් මෛත්‍රීටත් කියන්නට ඇත්තේ ඔබ තුමන්ලා සියල්ලම මේ රට කන්න උපන් පූරුවේ වෛරක්කාරයන්ය කියාය.

මහින්දට සිදු වූයේ කිරිබත් ගොඩ චන්ඩියාට සිදුවූ දේ දැයි මට හිතේ. වරදවා ගන්න එපා! කිරිබත්ගොඩ චන්ඩියා කීවේ මීගොන් සිල්වාට නොවේ.ඔබ තුමන්ලා දන්නේ නැත්නම්  ඒ කතාවත් මෙහෙමම දැන ගනු මැන.

කිරිබත්ගොඩ චන්ඩියා හැම විටම ඉනේ දැලි පිහියක් සේ මුවාත තියපු පිහියක් ගසා ගෙන සිටියේය. දිනක් පොඩි කොල්ලෙක් දැමූ කිණ්ඩියකට උරණව චන්ඩියා වේගෙන් පිහිය එළියට ඇද්දේය. මොහොතකින් චන්ඩියාට තමා පාවී යන අයුරක් දැනුනි. බලාන ගියාම පිහිය ඇද්ද ඇදිල්ලට චන්ඩියාගෙ කූට්ටම බිමය!

මම සර්දියෙල්! නුඹලා තරම් කුජීත නැත!

Tuesday, 13 November 2018

සූර සර්දියෙල් ; ඔව් ! මේ මම!!


මම හොරෙක්! නමුත් උඹලා තරම් හොර කම් කරලා නෑ!
මම බොරු කියලා තියෙනවා! ඒත් තොපි තරම් නෑ!
මම මිනී මරලා තියෙනවා! ඔව් සබාත් මැරුණේ  මගේ අතින් තමයි!! 
ඒ මාව මරණ්න ආ හින්දා!! තොපි මට වඩා මිනී මරුවො!!!
මම හොරකං කල සතයක් වත් දුප්පතුන්ගේ නොවෙයි!!
මම තංගම්මා තියාන් හිටියා! ඒ එක ගෑනියෙක්ව!! 
තොපි වගේ යන යන තැන මට ගෑනු හිටියේ නෑ!!
උඹලා දන්නවාද මගේ එල්ලා මැරීමත් මිනී මැරුමක් කියලා? 
මට යුක්තිය ඉටු උනා කියා හිතනවාද? 
මම මේ හැම දෙයක්ම කියන්නම්!
කොහොම කලත් උඹලට වඩා මම යුක්ති යුක්ත මිනිහෙක්!