Tuesday 28 September 2021

ඩඩ්ලි උබ; ඕම කලාම හරිද?


මාරම අතල් ලෝකයක් මැවෙමින් පවතී. 

ලංකාවේ තබා කිසිම රටක උනා යැයි සිතිය නොහැකි දේවල් වෙමින් පවතී. මේ ආණ්ඩුව යයි කියා ගන්නා කාළකණ්නි ජුන්ටාව පත්වූ දින සිට සාමාන්‍ය මහජනතාවට කන්නට වී ඇත්තේ තණකොළය! එයට ප්‍රධානහේතුව බත් කෑමට ඉහල මිලක් දැරීමට සිදුවීමට වඩා; "මේතරම් තක්කඩි කම් කරපු ඉතිහාසයක් තියෙන අපිව නැවතත් නැවත නැවතත් බලයට ගෙන එන මුංට නං තණකොල ඇරෙන්නට වෙන කන්නට සුදුසු දෙයක් තව නැත්තේය!" කියා මුං හිතන නිසා දැයි මට වරෙක සිතුනි. 

යකෝ උඹලා දන්නවාද මුං මේ වතාවේ බලයට පත් උනාට පස්සේ හාල් පිළිබඳව විතරක් ගැසට් කීයක් ගැහුවාද කියලා!. මුං ගැසට් ගහන්නේ මමයි මම්මලේ මලයයි බූරු ගැහුවටත් වඩා සිම්පල් එකේ.

 2019 අවුරුද්දට එකයි 

2020 අවුරුද්දට තුනයි 

2021 අවුරුද්දට තුනයි 

තුනයි තුනයි හයයි එකයි හතයි ය! 

ගැසට් හතක් ගහලත් මුන්ට කොර ගන්න පුළුවං උනු කෙලෙල් අලයක් නැත! උබලයට මතකද එක් වතාවක් මුන් ටික මුලු රටම ඇන්දවූ හැටි? මොකෙක්ද හමුදා කාරයෙක් ගෙනල්ලා අපි ගාව තියෙනවා දත්ත කියලයි පටං ගත්තේ! දැන් බැලුවාම ඌ ගාව තිවිල තියෙන්නේ දත්ත නෙවෙයි ...ත්ත ය! 

යකෝ තොපිට මතකද ඌ ඇවිත් මහ එකා ඉස්සරහ කෙබර ටික කියවපු හැටි? උබලා හිතනවද ඌ කිව්වේ ටොන් පචයක් කියලා මහ එකා දන්නැතුව හිටියා කියලා. මේවා ඔක්කොම මුන්ගෙ ප්‍රෝඩාව! තවත් වතාවක් මෝල් වලට කඩා පනින්න ගියේය. ගිය එකා ඩඩ්ලිව දැක්ක ගමන් රැලේ වැටෙන කාලෙට තමන්ගෙ ස්ත්‍රී නිමිත්ත පස්සෙන් එන බල්ලන්ගෙන් බේර ගන්න වලිගෙන් අහවල් එක වසාගෙන යන බැල්ලියෙක්ගේ ගානටත් පල්ලෙහාට ආණ්ඩුවෙන් ගිය පාන්ඩුවෝ ටික වැටුනාය. මට නං අම්බානක ආතල්ය. පිට කොටුවේදී අහිංසක එකෙකුට කන පැලෙන්න ගහන්න ගිය එකා පොලොන්නරුවේදී කන පැලෙන්න කාපු ගානට වැටිලා එකසිය ගානට ඇබරුනේය. යකො මහ එකෝ උබ මේ නෝන්ඩි කරන්නේ තොගෙ හතර වරිගෙ එවුන් නෙවේ. රටේ ජීවත්වෙන තවත් එක් මිනිහෙකි.

යකෝ අපි කිව්වද උබලට බොරු දර්සන දාන්න කියලා. හැප්පෙන්න බැරි එවුන් එක්ක ඇමිනෙන්න යන්නැතුව කටත් පුකත් බේරාගෙන ඉන්න හැටි තාම දන්නේ නැද්ද? අන්තිමට එදා උනේ ඩඩ්ලිගේ ගාන ආණ්ඩුවේ ගාන කරලා රෙදි නැතුව හිටිය එක විතරය. 

අඩෝ ඩඩ්ලි! උබනං මෙලෝ රහකට නැති එකෙක්! උබ කියපු උබේ ගාන රටේම ගාන කරපු මහ එකාගේ අමුඩය දෙනෝ දාහක් ඉදිරියේ ගලවන එක උබ කොහොමද සාදාරනය කරන්නේ? උබ හොදාකාරවම දන්නවා දැන් ඌට යන්තන් හරි විල්ල වහ ගන්න තිබ්බේ අමුඩෙ විතරයි කියලා. උබ ඇවිත් මාජ්ජ සාකච්චාවක් තියලා නාඩු ගාන අද ඉදන් මේකයි, සම්බා මේකයි කියලා කියෝපු එක උබ සාදාරනය කරන විදිය උබ තියා අඩු ගානෙ උබේ අයියා සිරාවත් දන්නවාද? 

සමහර විට සිරාම කියන්නත් ඇති ඔය විදියට කරපං කියලත්!

 ඒත් යකෝ මනුස්ස කමක් කියලා එකක් උබට ගෑවිලාවත් නැද්ද? උබ ඔය ගනන්  ටික මහ එකාට කෝල් එකක් හරි SMS කින් හරි කිව්වා නං ඌට තිබුනානේ බං UN එකට ගිහිල්ලා හිස් පුටු වලක කියෝලා නෝන්ඩි වෙච්ච එක වත් ගොඩදා ගන්න ! 

ඇත්තට එහෙම උනා නන් මොන තරං ගැම්මක්ද! ඕකා හූනියන් වාහිනියට, නයි ටී ඇන් , අදද රෙන එකට ඇවිල්ලා "මම නියෝග කරනවා අද ඉදන් හාල් වලට පාලන මිලක්! බ්ලා බ්ලා බලා බලා . . . . . .හිකි! හිකි!! හිකි!!!" කියලා ඌට ලකුණු ටිකක් දාගන්න තිබ්බ එක තෝ කෑවා.

 මෙහෙම දෙයක් වනේ වන හතුරෙකුට වත් වෙන්න එපා දෙයියනේ!

ඩඩ්ලි තෝ නංමෙලෝ රහක් නැති එකෙකි! 

මං හොරා වෙලා පර සුද්දාටවත් ඔය වගේ පජාත වැඩ කලේ නෑ!

10 comments:

  1. රට පාලනය කරන්නේ ජාවාරම් කාරයන් බව ඔප්පු වෙලා හමාරයි. දැන් කරන්න තියෙන්නේ පහුගිය ජනාධිපතිවරණෙදි ධම්මික පෙරේරා ඉදිරිපත් වෙන බව කිව්වා වගේ, මීළඟ මැතිවරණෙදි ඩඩ්ලි සිරිසේනත්, පිරමිඩ් විල්මා කාරයත්, තව ඕනෙනං අර්ජුන් ඇලෝසියසුත් පත් කරගන්න එකයි. එතකොට අඩුගානෙ අතරමැදි බිස්නස් එකක් කරන රාජපස්සවරුත්, වික්‍රමසිංහත්, පාටලීලත්, හොර උපවාස කරන රතනලා විමල්ලාත් පැත්තකිං තියලා බිස්නස් කාරයෝ විතරක් ලාභ ලබන තැනකට එන්ඩ පුළුවන් වෙයි.

    ReplyDelete
  2. xජ්ජ නැති එවුන් මහතැන්වල හිඳිතී
    xජ්ජ නැති වැඩම දිගටම කරං යතී
    කජ්ජ ගහන්නට නං වෙන එව්වො නැතී
    සජ්ජ-නයන්ට රට ඇරලා යන්ඩ වෙතී

    ReplyDelete
  3. "හෙලෝ ඩඩ්ලිද!? ඔව් වොව් ! මං තමා! හිකි! හිකි!! හිකි!!! හාල් කිලෝ එකකින් රුපියල් 10 ක් තියන්න කෝ! හරි! හරි!! අවුලක් නෑ! අපේ පාක්ෂිකයෝ බත් කන්නේ නෑනේ! ගැටළුවක් ඇත්තේම නෑ! හිකි! හිකි!! හිකි!!!"

    ReplyDelete
  4. Replies

    1. වැටාධිපති ලෝඩ් ජයසේනගෙන් අවසර අරගෙනද වැටවල් ගැහුවේ?? අපි ප්‍රමතිය දැති under licensed වැටවල් විතරයි අනුමත කරන්නේ..

      Delete
    2. එයැයි දැන් "හිටවන මාටින්". තාවකාලික බලපත්‍රයක් ගත්තා. වැට කියන්නෙ දිග කතාවක් කෙටියෙන් කියල ලිස්සන එක කියල එතුමා තමයි කිව්වෙ.😂

      Delete
  5. මුන් ඔක්කෝම ගජ යාලුවෝ
    උන්ට රැවටෙන අපි මරි මෝඩයෝ

    ReplyDelete
  6. හිටපු ජනපති ගේ මල්ලි දැන් ජනපති.

    ReplyDelete
  7. අන්තිමට දෙසපාලුවෝයි, බිස්නස්කාරයොයි විතරක් රජවෙන රටක් මේක

    ReplyDelete
  8. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "1. දේශපාලන වගතුග" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    ReplyDelete