Thursday 13 May 2021

පොලිස් උන්ඩයෙන් මියෙන සාක්කි!

 


මම  මේ ආවේ මාස හතකින් පස්සෙ.

අන්තිමට ආවේ මධූෂ්ගේ මිනිය කරගහ ගෙන. දැන් මුලින්ම ලියන්න තියෙන්නෙත් මලමිනී දෙකක් ගැන.

ඉන් එකක් ඌරු ජුවා ගේ! අනික කොස් ගොඩ තාරකගේ!!

මේකට විරෝධය පාන එවුංට අම්ම මතක් කරල බනින එවුං ටිකක් බුකියේ දැක්කා.

උන්ට සිංහල නොතේරීමද නැතිනම් විරෝධය පාන එවුංට සිංහල නොතේරීමද මට තේරෙන්නේ නැත!

කාගෙ අම්මා කා ගත්තත් කමක් නෑ ආනචි රාලගේ පනං අට ලැබේනං කියලා කථාවක් ඇත.

ඒ  වගේ අපිට මොකා මැරුවත් කම්ක් නැත ඌ මිනී මරුවෙක් පාතාලයෙක්, කුඩු කාරයෙක් නං.

එහෙත් මීට පිටු පස ඇති තිත්ත ඇත්ත එතරම් සුන්දර නොවේ.

 තොපිට තේරෙන්නේ නැද්ද මේ හැම දාමරිකයාගේම, පාතාලයාගේම, කුඩු වෙලෙන්දාගේම පිටිපස්සේ ඉන්න දේශපාළුවාහෝ ධනකුවේරයාගේ නම මේ හැම මරනය සමගම තව තවත් පොලොව යට වැලලෙන බව!?

කුඩු වෙලෙන්දන්ට, පාතාලයන්ට, මිනී මරුවන්ට මරන දඬුවම දියව්!

මරන දඬුවම යලිත් ක්‍රියාත්මක කරව්!!

නමුත් සාදාරන නඩු තීන්දුවකින් පසුව

නිවැරදි පොලිස් පරීක්ෂනයකින් පසුව

දැං මේක කියෝන සිංහල නොදන්න එවුං මැරෙන්න හදන්න එපා; මම පාතාලයන්ට යුක්තිය ඉස්ට කොරන්න යනවා කියා.

අපිට ඕන, රට උවමනා වන්නේ එක් පාතාලයෙක් මෙලොවින් තුරං කිරීමට නොව ඌව පාවිච්චි කල උගේ පසුපස ඉන්නා බල පුලුවං කාරයින්ව නීතිය ඉදිරියට ගෙන ඒමටයි.

එසේ නොමැති වුවහොත් මධූෂ්ගේ, කොස්ගොඩ තාරකගේ, ඌරු ජුවාගේ අඩුව මකා ගැනීමටදේශපාලන බලපුලුවන් කාරයන්  හෙට දිනයේ තවත් පාතාලයෙක් ජාතක කිරීම නවතාලිය නොහැක!

මෙතනදී වෙන්නේ දේසපාලුවන් තමංගේ මිනී මරු අතීතය; පොලිස් වෙඩි පහරින් අකා මකා දැමීමයි. මේවාට හුරේ දාන ගොං හැත්ත පලමුවෙන්ම තේරුම් ගත යුත්තේ එයයි. 

දෙවනුව තොපි තේරුම් ගත යුත්තේ අද දාමරිකයාගේ හිසට එල්ල වන තුවක්කු කට; දේසපාලුවන්ගේ හොර තක්කඩි ක්‍රියා වලට එරෙහි වීමට තරම් පිට කොන්දක් ඇති එවුන්ට හෙට දිනයේ එල්ල වීම මෙයින් තවත් පහසු කරණ අතර වඩාත් ඉක්මන් කරවයි.

එදිනට එම තර්ජනයට ලක් වන්නේ ජෙප්පෙක්ද ටොය්යෙක්ද නැතිනම් බයියෙක්ද යන වග තුවක්කුව නොදනී.

තොපි කවදාවත් හිතුවාද වීරවංසයා උගේ පක්සෙ එකෙක්ගෙන්ම ගුටි කාවි යැයි කියා?

No comments:

Post a Comment